Wednesday, April 22, 2015

මස්කටි

පිට් 250 
සිනි 500 
වතූර 450මි;ලි 
ගිතෙල් තේ හෑදි 4 
කැමති වර්ණයක් 
කජු ස්වල්පයක් 
කරදමුංගූ කූඩු ස්වල්පයක්. 

පළමුව පිරිසිදු රෙදි කඞක් ගෙන ඵය මැදට පාන් පිටි දමා පොටිටනියක් ආකරයට ගැට ගසා ගන්න. භජනයකට වතුර මි.ලි 200 දමා එම පොටිටනිය වතුරේ දිය කර ගන්න. (අවසානයට ඉතිරි වෙන පිටි ගුලිය අයින් කරන්න.) මෙයට කැමති වර්ණයක් දමා පසකින් තබන්න.. ඉතිරි වතුරට සිනි දමා උනු කරන්න. සිනි ඍණ වු විට ලිප අඞූ කරන්න. ඉන් පසු දිය කරගත් පිටි මිශුනය ඵයට ඵකතුකර නොකඩවා හැදි ගාන්න. මෙය ඉක්මනින් ඍන වෙනවා. ඍන වෙිගන එනවිට ගිතෙල් දමන්න. කරදමුංගු එක්කර ගන්න. අඩු ගින්දරේ විනාඩි 20 පමණ නොකඩවා හැදි ගාන්න. අවසානයේ කජු එක්කර ලි පෙන් බා බටර් තැවුරැ ලැල්ලක තුනි කර පැයක් පමන නිවෙන්න තබා කැලි කපා ගන්න.







Monday, April 20, 2015

පෑන් කේක්

පෑන් කේක් එකේ රොටිය සදහා
කැමති ප්‍රමාණයක් පිටි අරගෙන එක බෙලෙන්ඩර් එකට දමා ගන්න.එ්කටම බිත්තරයක් රස අනුව ලුණු, කහ ටිකක් දමා ගන්න.පසු වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා හොදින් බෙලෙන්ඩර් කරන්න.
කැමති නම් කිරි වුනත් දමා ගෙන බෙලෙන්ඩර් කරන්න පුළුවන්.එකේ කිසි වෙනස් නැහැ හොදේ.

පැණි පොල් හදා ගන්න විදිය
මුලින් භාජනයකට කිතුල් පැණි දමා ගන්න.මම එකටම මි පැණි ටිකකුත් දමා ගත්තා.පසු එක හොදින් උණු කරන්න.
පසු එකටම තලා ගත් කරදමුංගු ඇට ටිකක් හා ලුණු ටිකක් දමා ගන්න.
පසු පැණි ටික හොදින් උණු වන විට හිනියට ගා ගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න.
පසු එකට වැනිලා ටිකකුත් දමා අඩු ගින්දරේ මේ පොල් පැණි ටික හොදින් මලවා ගන්න.පොල් පැණි වල වතුර ගතිය හිදි යනතෙක් පැණි පොල් ටික මලවා ගන්න හොදේ.
මෙයට මී පැණි දාන්න අවශ්‍යම නැහැ.හැබැයි පැණි දාන කොට සිනි ටිකක් එක් කරන්න.මොකද සමහර පැණි වල පැණි රස එපමණ නැති නිසා.

දැන් හදා ගත් පෑන් කේක් මිශ්‍රනයෙන් ටිකක් හොදින් රත් වු තැටියක දමා රවුමට රොටියක් හදා ගන්න.
පසු එය සමාන්‍ය විදියට පුලුස්සා ගත් පසු එලියට අරගෙන හදා ගත් පැණි පොල් මිශ්‍රනයෙන් ටිකක් තියා රොල් කර ගන්න.

පැණි වළලු 

මෙන්න මේ විදිහට ඔයාලත් පැණි වළලු හදලා බලන්නකෝ...

උදු ඇට කෝප්ප 1
හාල් කෝප්ප 2
මිටි පොල් කිරි කෝප්ප 1
ලුණු ස්වල්පයයි
පොල් වතුර ටිකක්
කිතුල් පැණි බොතල් 1/2
සීනි මේස හැඳි 2
බැදීමට අවශ්‍ය තෙල්

පළමුවෙන්ම උදු සහ හාල් රැයක් පෙගෙන්න තියන්න.. පසුව උදේට එය වතුර බේරෙන්න තබන්න..හාල් ටික අඹරා ගෙන හොඳින් හලා ගන්න...මිටිකිරි කෝප්ප 1 සමඟ උදු ඇට හොඳින් ග්‍රයින්ඩ්‍රර් එකේ දමා ක්‍රීම් වගේ වෙන්න අඹරා ගන්න.. පසුව අඹරා ගත් උදු හා හලා ගත් හාල් පිටි කෝප්ප 1ක් දමා හොඳින් කලවම් කර පැය 5ක් පමණ වසා තබන්න..පැය 5කට පසුව ලුණු ටිකක් දමා කලවම් කරන්න..

දැන් පැණි භාජනයකට දමා උණු කරන්න...පැණි උණු කරන විට එයට සීනි මේස හැදි 2ක් පමණ දමා උණු කරන්න..එවිට පැණි හොඳින් උරා ගනී...(මේක නම් රහසක්.. ) මතක තබා ගත යුතුම කරුන නම් පැණි පත් පැණි වෙන්න කලින් ගත යුතුයි..

දැන් බොත්තම් කාසයක් මසා ගත් රෙදි කෑල්ලක් ගෙන මිශ්‍රනයෙන් ටිකක් දමා පොට්ටනියක් වගේ සකසා ගන්න..මම නම් මේ සඳහා භාවිතා කලා ප්ලාස්ටික් සෝස් බෝතලයක්.
තෙල් ලිප තබන්න.. රත් වූ තෙලට රවුම් ආකාරයට මිශ්‍රනය දමා හොඳින් රන් වන් පාට වන තෙක් බැද ගන්න..පසුව තෙල් බේරා ගත් විගසම පැණි මිශ්‍රනයට දමා පොගවා ගන්න...විනාඩි කීපයක් තබා මැටි මුට්ටියකට දමා පත්තර කොලයක් දමා මුට්ටියේ කට බැද අසුරා තබන්න.

* ඔබ පැණි වළලු හදපු ආකාරය නිවැරදි නම් පැණි වළල්ල වටේ පැණි නොතැවරිය යුතුය. පැණි වළල්ල ඇතුලට පැණි හොඳින් උරා ගෙන තිබිය යුතුය.
*උදු මිශ්‍රනයේ පදම නිවැරදි නම් හැන්දෙන් එස වූ විට නොවැටිය යුතුය.
*ඒ වගේම පැණි මිශ්‍රනය හැම වෙලේම ඇඟිල්ල ගහන්න පුළුවන් රස්නෙන් තබා ගත යුතුමයි.
*උදු වළලු වලට පැණි හොඳීන් උරා ගන්න නම් දෙකම රස්නෙන් තිබිය යුතුයි

1.) මිශ්‍රනයට පිපෙන්න කිසිම දෙයක් දාන්න ඕනි නෑ..පොල් මිරිකනකොට පොල් වතුර ටිකක් දාන්න. එච්චරයි. පිටි මිශ්‍රනය හොඳින් වසා උණුසුම් තැනක තබන්න. එවිට හොඳින් පිපේවි. උණුසුම් කාලගුණයක් ඇති දවසක නම් මිශ්‍රනය හොඳින් පිපේවි.

2.) සීනි වලින් පැණි සාදා භාවිතා කලාට කමක් නෑ..හැබැයි සීනි පත් පැණි ගානට උණු කරන්න එපා..ඊට කලින් සීනි මිශ්‍රනය ලිපෙන් බා ගන්න. පත් පැණි පදම කියන්නේ හැන්ඳෙන් ඉහළට එස වු විට කෙලින් ඝනකම ඉරක් වගේ වැක්කෙරෙන පදම, නැත්තම් වතුර පීරිසියකට සීනි මිශ්‍රනයෙන් බිංදුවක් දැම්මාම දිය වෙන්නේ නැති පදම, වතුරට මිශ්‍ර වෙනවා නම් සීනි මිශ්‍රනය පත් පැණි වෙලා නෑ..අන්න ඒ පදම තමයි (පත් පැණි වෙලා නැති පදම ) පැණි වළලු සදහා යොදා ගන්නේ.


3.)හාල් කොප්ප 2යි ගන්නේ. එකෙන් 2,3 පාරක් හොඳට හලා ගත්ත හාල් පිටි කෝප්ප 1ක් ගන්න. තව හාල් පිටි ඉතිරි වෙනවා. එ ටික තියා ගන්න. බැරි වෙලාවත් අත්වැරදීමකින් වත් මිශ්‍රනයේ තෙත ගතිය වැඩි උනොත් තව හාල් පිටි ටිකක් දා ගන්න. මතක තියා ගන්න ඕනී වැඩිය හාල් පිටි දාන්න එපා. එහෙම උනොත් පැණි වළලු තද වෙනවා. හැම වෙලේම උඳු වලට වඩා අඩුවෙන් හාල් පිටි ගන්න ඕනි. මිශ්‍රනය හැමවෙලේම හැන්ඳෙන් එස වූ විට වැටෙන් නැති පදම ගත් යුතුමයි.

Watalappan

10 eggs
400g Jaggery or 1 lb brown sugar
1 tspn nutmeg powder (optional)
1 tspn cardamom powder
1/2 cup cashews cut (optional)
1 can of thick coconut milk

Grate the Jaggery very finely and set aside. Beat the eggs. Then add the grated Jaggery (or Brown Sugar), nutmeg powder, cardamom powder, thick coconut milk and mix well using a beater. Pour the mixture into a baking dish and cover it with a foil. The mixture now needs to be steamed. To do this, place the dish in a baking tray filled with a little water and bake it in the oven at 400 F for about 30 to 40 minutes or till well done. Sprinkle with the cut cashews before serving.













මෙහෙමත් පුඵවන්........

වටලප්පන්

හකුරැ ගෑම් 500 ක්
පොල් කිරි කොප්ප 2ක්
බිත්තර 10 ක්
වැනිලා ස්වල්පයක්
කරදමුන්ගු කිහිපයක්

හකුරැ කඩා රත්කර දියකර ගන්න. දිය කරගත් හකුරැ නිවුනු පසු එයට බීට් කරගත් බිත්තර හ පොල් කිරි මිශ්‍ර ගන්න. එයට වැනිලා කරදමුන්ගු දමා ගන්න. තැට්යක් ගෙන මිශ්‍රනය දමා ගන්න. ඉන්පසු එම තැටියට වඩා ටිකක් ලොකු තැටියක් ගෙන එයට වතුර ටිකක් දමා එය උඩින් වටලප්පන් මිශ්‍රන තැටිය තබා අවන් එකේ තම්බා ගන්න.


කිරි ටොෆී.

කිරි ටොෆී
ටින් කිරි 1ක්.
වතුර ටින් 1/2ක්.
සිනි 200 ග්‍රැම්
බටර් මේස හැඳි 2ක්.

මේ සියල්ල එකට දමා කලවම් කර ලිප තබා රන්වන් සහ ටිකක් ගනකන් වෙන තෙක් හැදී ගාන්න.අන්තිමට බටර් මේස හැඳි දෙකක් දමා කලවම් කර,බටර් ටිකක් ගාගත්ත ලෑල්ලක් උඩට මේ ටින්කිරි මිශ්‍රණය දමා පැතලි කර ගන්න.ඉන් විනාඩි 5කට පස්සේ කැලි කපා ගන්න.
ඔයාලා කැමති නම් කජු,වැනිලා ටිකක් දාන්න.

Target of my blog...

Sri Lanka is one of the most attractive country in the world. The diversity of Sri Lanka is more high. I like most to live in green environment with this diversity. So I love to share about Sri Lankan diversity of foods via my blog. There will be details on very tasty foods which are interested to taste.

So, If you are interested with cooking, surely you will be satisfied mostly with my blog. If this is helpful when you are in kitchen, please send me a feedback. I like to hear from you.