Monday, April 20, 2015

පෑන් කේක්

පෑන් කේක් එකේ රොටිය සදහා
කැමති ප්‍රමාණයක් පිටි අරගෙන එක බෙලෙන්ඩර් එකට දමා ගන්න.එ්කටම බිත්තරයක් රස අනුව ලුණු, කහ ටිකක් දමා ගන්න.පසු වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා හොදින් බෙලෙන්ඩර් කරන්න.
කැමති නම් කිරි වුනත් දමා ගෙන බෙලෙන්ඩර් කරන්න පුළුවන්.එකේ කිසි වෙනස් නැහැ හොදේ.

පැණි පොල් හදා ගන්න විදිය
මුලින් භාජනයකට කිතුල් පැණි දමා ගන්න.මම එකටම මි පැණි ටිකකුත් දමා ගත්තා.පසු එක හොදින් උණු කරන්න.
පසු එකටම තලා ගත් කරදමුංගු ඇට ටිකක් හා ලුණු ටිකක් දමා ගන්න.
පසු පැණි ටික හොදින් උණු වන විට හිනියට ගා ගත් පොල් අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න.
පසු එකට වැනිලා ටිකකුත් දමා අඩු ගින්දරේ මේ පොල් පැණි ටික හොදින් මලවා ගන්න.පොල් පැණි වල වතුර ගතිය හිදි යනතෙක් පැණි පොල් ටික මලවා ගන්න හොදේ.
මෙයට මී පැණි දාන්න අවශ්‍යම නැහැ.හැබැයි පැණි දාන කොට සිනි ටිකක් එක් කරන්න.මොකද සමහර පැණි වල පැණි රස එපමණ නැති නිසා.

දැන් හදා ගත් පෑන් කේක් මිශ්‍රනයෙන් ටිකක් හොදින් රත් වු තැටියක දමා රවුමට රොටියක් හදා ගන්න.
පසු එය සමාන්‍ය විදියට පුලුස්සා ගත් පසු එලියට අරගෙන හදා ගත් පැණි පොල් මිශ්‍රනයෙන් ටිකක් තියා රොල් කර ගන්න.

No comments:

Post a Comment